[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

මහබැංකු අධිපති යළි කබ්රාල් ද?

-

Spread the love

(ජනක බලල්ල)

ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස නැවතවරක් හිටපු මහාබැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දැනට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, පුරප්පාඩුවන එම තනතුරට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි පැය කිහිපය තුළ වත්මන් ආණ්ඩුවේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

2015ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපතිවරයා ලෙස දිගු කලක් කටයුතු කළ කබ්රාල් මහතාට විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ද යහපාලන ආණ්ඩු සමයේ දී චෝදනා එල්ල කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත නා හිමියෝ පවසා තිබුණේ රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් ඒ මහතා අවභාවිතා කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනතෙක් මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා හෝ කබ්රාල් මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...