[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

දෙසැ26 ගුවන් තොටුපල විවෘත වුණත් එක්වරම ලොකු වෙනසක් නෑ

-

Spread the love

(ජනක බලල්ල)

දෙසැම්බර් 26 වැනි දා ගුවන්තොටුපල විවෘත කළ ද, විදෙස්රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම එක්වරම වැඩි නොවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මංගල රංදෙණිය මහතා පෙන්වා දෙයි.

දෙසැම්බර් 26 වැනි දා සිට ගුවන් තොටුපල විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ බව සැලවීමත් සමඟ කොවිඩ්-19 ව්‍යසනයේ බලපෑමෙන් මැදපෙරදිග ඇතුළු බොහෝ රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයෝ සිය මව්රටට යෑමට දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින අතර, ඒ සම්බන්ධව ”ජනබලය” කළ විමසීමක දී රන්දෙණිය මහතා මෙම කරුණු ප්‍රකාශ කළේය.

රන්දෙණිය මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට නැවත පැමිණිමට අපේක්ෂාවෙන් ඒ ඒ රටවලින් ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගණන 42000කට අධික බවයි.  රටේ පවතින සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව, එම පිරිස අතරින් දිනකට 600ත්-800ත් අතර ප්‍රමාණයක් දැනටමත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති අතර, ඊට සරිලන සීමිත ගුවන් වාර ගණනක් පමණක් දිනපතා මේ වනවිට ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් 26 වැනි දා ගුවන්තොටුපල විවෘත කිරීමේන පසු, ජාතික කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේ නිර්දේශ මත කෙමෙන් එම අගය වැඩිවනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුනි.

මේ වනවිට ගුවන් ටිකට්පත්වල මිල අධික ලෙස වැඩිවීව පිළිබඳ කළ විමසීමක දී රන්දෙනිය මහතා පවසා සිටියේ දැනට රට තුළට දෛනිකව ඇතුළු කරගැනීමට හැකි ගුවන් මඟීන් ප්‍රමාණයට සාපේක්ෂව ගුවන් වාර ක්‍රියාත්මක වන බැවින් මෙලෙස ටිකට්පත්වල අගය ඉහළ ගොස් ඇති බවත්, මගීන් ඇතුළු කරනැගීම වැඩිවීමත් සමඟම ටිකට්පත්වල ඉහළ ඉල්ලුම සාමාන්‍ය වනු ඇති බවත් ය.

දැනට ගුවනින් එම මගීන් සියලු දෙනා  ගුවන්තොටුපලේ සිට සෘජුවම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර, ජාතික කොවිඩ් මර්දන විශේෂඥ කමිටුව මේ වනවිට ඊට වෙනත් විකල්ප ක්‍රම පිළිබඳ අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගත තත්ත්වයට පෙර පැවැති ආකාරයෙන් ගුවන්තොටුපල කටයුතු සිදුවීමට තවත් යම් කාලයක් ගතවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙයින් පැහැදිළි වන්නේ දිනපතා මෙටට ගෙන්වා ගන්නා ගුවන් මඟීන් ප්‍රමාණය වැඩි වන්නේ රටේ නිරෝධායන ක්‍රියාවලියට ඇති ධාරිතාව මත බවයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...