හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරි වසීම් අල් තවීල් ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජනවාරි 08 මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහු හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කරන අතර, ෂියා සටන්කාමීන්ගේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ලෙසද මොහු හඳුන්වයි.
ඔහු ගමන් ගත් මෝටර් රථයට ඊශ්‍රායල් හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම මරණය සිදුව ඇති බව පැවසේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල ප්‍රහාරයකින් තාවිල්ගේ මරණය සිදු වූ බවට පිළිගෙන ඇත. හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන අතර, එය ලෙබනනයේ ක්‍රියාත්මක සංවිධානයකි.
(CNN)