-ජනක බලල්ල-
බෞද්ධ ආගමට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නතාශා එදිරිසූරිය ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර ඇත.
සැකකාර කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යෑමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව තම ප්‍රහසන වැඩසටහනක් මගින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.