[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”බුවනෙක හෝටලයේ නඩුවට යන වියදම් නගර සභාවෙන් ගෙවන්න සූදානමක්” – නාමල් කරුණාරත්න

-

Spread the love

-ජනක බලල්ල-

කුරුණෑගල පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවතින නඩු සඳහා ගාස්තු ගෙවීම ඇතුළු කටයුතු සඳහා වන වියදම් පියවා ගැනීමට නගර සභාවෙන් මුදල් අනුමත කරවාගැනීමේ සැළැස්මක් ඇති බව මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් රකරුණාරත්න මහතා පවසයි.

අද (16) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බල හෙළි කළේය.

එසේ මුදල් අනුමත කර ගැනීමක් සිදුවුවහොත් එය නීතිවිරෝධී බව පවසන ඒ මහතා අවධාරණය කරන්නේ එසේ වුවහොත් ඊට අනුමැතිය දුන් සියලුම මන්ත්‍රීවරු වගඋත්තරකරුවන් කරමින් නඩු පවරන බවයි.

මීට පෙර ද එවැනි පූර්වාදර්ශයක් ඇති බව පැවසූ නාමල් කරුණාරත්න මහතා, රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වාට සහ පොලිස් ස්ථානාධිපතිවරයකුට පුද්ගලයෙකු හට මෙවැනි නඩුවක දී වන්දි ගෙවීමට සිදු වූ බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...