[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

21 කැබිනට්ටුවට

-

Spread the love

(ජනක බලල්ල)

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද(23) පස්වරුවේ කැබිනට් මණ්ඩළය වෙත ඉදිරිපත් කරන ලද බවත්, එහි පිටපත් පක්ෂ නායකයන් වෙත ලබා දී ඔවුන් සමග සාකච්ඡා කර එහි ප්‍රතිචාර මත නැවත ලබන සඳුදා(30) කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිත බවත්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත අද මෙලෙස ඉදිරිපත් වන්නේ එය අද දින ඉදිරිපත් නොවන්නේනම් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බවට ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණු වටපිටාවක් තුළ ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ පවසා තිබුණේ මේ අවස්ථාවේ දී රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොව රටේ ආහාර, ඉන්ධන ඇතුළු ජනතාවගේ මූලික අවශ්‍යතා සපයා දීම බවයි.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඒ සඳහා යම් පාර්ශ්වයක විරෝධතා ඇත්නම් ඊට එරෙහිව අධිකරණයට යෑමට ද යම් කාලසීමාවක් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...