කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් සිසුවියගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත්ව හා කඩිනම්ව සිදුකිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (10) පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබාදී තිබේ.
අදාල සිසුවියගේ දෙමාපියන් සහ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැනියගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවක දී අගමැතිවරිය විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.
අග්‍රාමාත්‍යවරිය විසින් පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දෙනු ලැබ ඇති අතර මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදුකළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබේ.
ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහි දී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් නිරීක්ෂණය වූ බැවින් එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක්ද අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරනු ලැබ තිබේ.
(ජනක බලල්ල)