ධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (10) පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
තවද, මධ්‍යම සබරගමුව සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ද පැවැතිය හැකිය.