Monday, May 12, 2025

කොටහේන දැරියගේ මරණය ගැන ඇමැතිනී පෝල්රාජ්ගේ ප්‍රකාශය සිංහලෙන්

Must read

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් කොටහේන දැරිය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී දෙමළ බසින් සිදුකළ ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයක් නිකුත් කර තිබේ.

ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර ඇති සම්පූර්ණ සිංහල පරිවර්තනය පහතින් දැක්වෙයි.

“මා මේ අවස්ථාව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි සිතනවා. පහුගිය 29 වෙනි දා අදාළ ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව අපි පසුගිය දින කිහිපයේ විමර්ශන කටයුතු සඳහා සියලු තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරන පැහැදිලි කිරීම මේ.

මෙම සිදුවීම සිදුව තිබුණේ 2024 දෙසැම්බරයේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමේදී අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ඇති බවත්, අදාළ අතවරය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයකුගේ සහතිකයක් නිකුත් කර ඇති බවත්, මෙම සිදුවීමේ පසු විපරම සම්බන්ධයෙන් පාසලේ දී සිසුවියගේ අධ්‍යාපන මට්ටම හා කුසලතා සම්බන්ධයෙනුත්, පාසලේ දී ඇය ඇසුරු කළ යහළුවන් හිතවතුන් සම්බන්ධයෙනුත් සියලු තොරතුරු ඇතුළත් කර මේ වන විටත් ලිපි ගොනුවක් සකස් කර තියෙනවා.

පසුගිය 5 වැනි දින අදාල සිසුවියගේ දෙමාපියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලු‍වද දැනට දින 4ක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නෑ.

ඒ වගේම අද (08) මෙම උද්ඝෝෂණ අවස්ථාවේදීත් උද්ඝෝෂකයන් පෙත්සමක් භාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ. හෙට හෝ අනිද්දා ඒ සම්බන්ධයෙන් මා හමුවන බව ඔවුන් පවසා සිටියා.

සමාජ මාධ්‍ය වලින් පමණක් යුක්තිය ඉල්ලීම සිදුකළ නොහැක. යුක්තිය ලබාගන්න නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැමිණිය යුතු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ට විය යුතු බව අපිත් විස්වාස කරනවා. මෙවැනි ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නිසි ආකාරයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් සමාජය තුළ පවතිනවා, ඒ වගේම සමාජ මාධ්‍ය කණ්ඩායම් හෝ සමාජ සංවිධාන නීතියට අතට ගෙන අවනත නොවී ක්‍රියා කිරීමෙන් නීතිය හා සාමය රැකෙන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්ථිර විසදුම ලෙස නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතනවලට යොමුවන ලෙස ඉල්ලා සිටිනවා.”

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

දිවයින පුරා වෙසක් දැන්සැල් 8581ක්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.