Monday, May 12, 2025

දරුවාගේ සැත්කමට ආධාර දෙන්න ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරියා වසර 20ක් හිරේට

Must read

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.

එම සිර දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත්, එහිදී විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබ තිබේ.

එසේම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් ද කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබ තිබේ.

2015 වසරේ මාර්තු මස 31 වැනිදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදුකිරීමට රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා, ඇය තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේ දී මෙම විත්තිකරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

(ජනක බලල්ල)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

දිවයින පුරා වෙසක් දැන්සැල් 8581ක්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.