වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔවුන් ඊයේ(8) සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ අවුරුදු 19 – 54 අතර වයසේ පසුවන මොවුන්, වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර, ඔවුන් කඩිනමින් බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය.
(ජනක බලල්ල)