පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 313 ක ප්‍රතිඵල නිකුත් වී තිබේ.
එම ප්‍රතිඵල අනුව ඡන්ද 3,996,171 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 1,969,956 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පැමිණ ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහි දී ඡන්ද 873,008 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයකි.
නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 313 අතුරින් පළාත් පාලන ආයතන 242 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 34 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 13 ක බලය ලබාගෙන තිබේ.
(ජනක බලල්ල)