පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද ගණන් කිරීම ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේදී හෝ එම ඡන්ද කොට්ඨාසයට අදාළ ආසන්නතම මධ්‍යස්ථානයක දී සිදු කෙරෙනු ඇත.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙනදාට වඩා කල් ඇතිව ප්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බව ය.
(ජනක බලල්ල)