විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවූ සංවිධානාත්මක අපරාධකරුවකු වන සුජීව රුවන්කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට දිවයිනට රැගෙන විත් තිබේ.
බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස රැගෙන එනු ලැබ තිබේ.
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ හට තවත් අධිකරණ කිහිපයකම නඩු පවතින බව ද පොලිසිය පැවැසීය.
(ජනක බලල්ල)