පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් පමණ යෙදවීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අවශ්‍යතාව මත යුධ හමුදා සාමාජිකයන් ද ඒ සඳහා අනුයුක්ත කරන බව ය.
නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
(මානෙල් රත්නායක)