Tuesday, May 13, 2025

රු. මිලියන 77ක රාජ්‍ය මුදල් වංචා කළ රාජ්‍ය නිලධාරීන් 2කට වැඩ වරදී

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

රුපියල් මිලියන 77ක රාජ්‍ය මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයකු ලබන 08 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් නියෝග කර ඇත.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා, ඔවුන් මෙම රුපියල් මිලියන 77ක වංචාව සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය අප්‍රේල් 07 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුණු අතර, හිටපු ලේකම්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණි.

තවද, මෙම වංචාව සම්බන්ධයෙන්ම ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරියකු ලිපිකරුවකු සහ ලේකම්වරයකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සබරගමු පළාතේ ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කරගෙන ඇතත්, ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගන ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළි වී තිබුණු අතර, 2016 සහ 2017 වර්ෂවල දී මෙම ව්‍යාපෘති 77ක නිමකර ඇති බවට අසත්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බව ද සබරගමු පළාත් සභාව සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

(ජනක බලල්ල)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...