Tuesday, May 13, 2025

සිරි දළදා වන්දනාව සාර්ථකව නිමාකළ නිල වශයෙන් නිවේදනය කරයි

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

සිරි දළදා වන්දනාව සාර්ථකව නිමාකළ බව දැනුම් දෙමින්, මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව, වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කළ බවද, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව මහජනතාවට ලබා දීමට කටයුතු කළ බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ   ජනාධිපතිතුමා ඇතුළු රජයට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට, දිසාපති කාර්යාලය නගර සභාවේ සියළු කාර්ය මණ්ඩලයට, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවට, සිවිල් ආරක්ෂක බලකායට, සෞඛ්‍ය, සනීපාරක්ෂක හා වෙනත් යටිතල පහසුකම් සපයා දුන් රාජ්‍ය ආයතනවලට සහ වෙනත් අයුරින් සහයෝගය දුන් ස්වේච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීන් හටද පුන්‍යානුමෝදනා හා ස්තුතිය පළ කර සිටින බව ය.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

(ජනක බලල්ල)

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...