හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
අද පෙරවරු 9.30 ට ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවූ දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
(ජනක බලල්ල)