දින 10 ක් පුරා පැවැති “සිරි දළදා වන්දනාව” අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් විය.
අද දිනයේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවූ බවයි වාර්තා වෙන්නේ.
වසර 16 කට පසු දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව පසුගිය 18 වැනි දා සිට උදා වූ අතර ගතවූ දින 10 ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා එක්ව තිබුණි.
“සිරි දළදා වන්දනාව” අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණි.