නැවත දැනුම්දෙනතුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු සැදැහැවතුන්ගෙන් ඉල්ලයි.
දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමට පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බව ය.
තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවනතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.
(මානෙල් රත්නායක)