අමෙරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවීමට ගිය අවස්ථාවේදී ම, අමෙරිකානු බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට හැකි වූ බව ය.
එහිදී ආසියානු කලාපය තුළ අමෙරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව පමණක් බවට අමෙරිකානු බලධාරීන් විසින් පැසසීමට කරන ලද බව ද, එමගින් පෙන්නුම් කරන්නේ නිසි වේලාවට වැඩ කිරීම හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ පැවසීය.
මේ හරහා අමෙරිකාව සමඟ ඇති කර ගැනීමට හැකි වෙළඳ සහයෝගීතාව ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව ද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(ජනක බලල්ල)