ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බවට සැකපිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය පිළිබඳ කරුණු රැසක් හෙළිකර ඇතැයි පොලිසිය පවසයි.
ඝාතනය සැලසුම් කළ බවට සැකකෙරෙන දුලාන් මධුසංඛ හෙවත් ‘දුලා’ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැල්ලම්පිටියේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග අද (24) අත්අඩංගුවට ගත් අතර, ඔහු සැකකාර පියපුතු දෙපළගේ සමීප ඥාතියකු බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබේ.
ඩෑන් ප්‍රියසාද් සමග දින කිහිපයකට පෙර හටගත් ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බව සැකකරු පවසා ඇත.
ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටියේ නිවාස සංකීර්ණණයක උඩු මහළේ මත්පැන් පානය කරමින් සිටිය දී ඉකුත් 22වනදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.
ඝාතනය සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියාට චෝදනා එල්ල වූ අතර, ඔවුන් ඉකුත් 2022 වසරේ දී ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ද ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බව හෙළිව තිබේ.
අධිකරණයෙන් ඔවුන්ගේ විදෙස්ගමන් තහනම් කර ඇති අතර මෙම සිද්ධියත් සමග සැඟව සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසියට හැකිවී නැත.
එසේම ඔහු ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ලවන අයෙකි.
සැකකරු පවසා ඇත්තේ මීට දින හතරකට පෙර තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටිය දී ඩෑන් එය නවත්වා තමන්ට සහ තවත් අයක්ට පහරදුන් බවත්, පසුව ඒ පිළිබඳව තමන් කොළොන්නාවේ ධනුෂ්ක නැමැත්තාට පැවසීමේ දී කංජිපානි ඉම්රාන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරදුන් බව ය.
කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සැකකරු වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද පොලිසියට පවසා ඇත.
අනතුරුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඩෑන් පසුගිය 22වනදා එනම් ඝාතනය වූ දිනයේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි නොපැමිණීම හේතුවෙන් ඝාතන උත්සාහය ව්‍යාර්ථ වී ඇත. අනතුරුව කංජිපානි ඉම්රාන් නැවතත් තමාට දුරකථන ඇමතුමක් ලබා දී ඝාතනය එදින සවස සිදුකළ හැකි බව පවසා තිබේ.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ එදිනම පස්වරුවේ සිය බිරිඳගේ මහගෙදරට පැමිණ මත්පැන් සාදයක් පවත්වමින් සිටිය දී වන බැවින් පොලිසිය එහි සිටි ඩෑන්ගේ බිරිඳගේ සොයුරියකගෙන් ද ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
තම යතුරු පැදිය විකුණා දීමේ සතුටට එදින මෙම සාදය පැවැත්වූ බවත්, ඝාතනයට ලක්වීමට පැය 3කට පමණ පෙර එහි පැමිණි බවත්, ඇය පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.
(ජනක බලල්ල)