2025 අප්‍රේල් මස 26 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස ය.
(ජනක බලල්ල)
