Tuesday, May 13, 2025

තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මෙවර ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දදායකයන් 648,495 සුදුසුකම් ලබා ඇති අතර පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස  24, 25, 28 සහ 29 යන දින හතර තුළ සිදුකිරීමට නියමිත ය.

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවා ඇති බවත් මීට අමතරව විශේෂ රාජකාරිවල නිරත වන ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියකු ඉදිරියේ ඉදිරි දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි බවත් මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය භාවිත කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කරයි.

(ජනක බලල්ල)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...