ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවල දී හෙළි වී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.
බන්දුල පියල් හා මාධව සුදර්ශන යන එම පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අදාළ පුද්ගලයන් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.
(ජනක බලල්ල)