හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (22) පස්වරුවේ හිටපු ජනපතිගේ විජේරාම නිල නිවසේ දී සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙයි.