වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගොස් තිබෙන බව පොලීසිය නිවේදනය කරයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (22) රාත්‍රීයේ ඔහු මෙලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඊයේ රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(ජනක බලල්ල)
