දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියකු ද මිය ගොස් තිබේ.
ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා ඇති බව සඳහන් වෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක කෙරෙයි.