Monday, May 12, 2025

රජයේ නිවාස ආධාර මුදල ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Must read

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවත්, එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන, නිවසක් ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම පිණිස, ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමෙන බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව, ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතුව තිබුණි.

මෙම වැඩසටහන ආරම්භයේ දී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/-ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/-ක් දක්වා වැඩි වී ඇති බව එහි සඳහන් වෙයි.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින්, දැනට නිවාස ඒකකයක් සඳහා ලබාදෙන රුපියල් 650,000/-ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/- ක් දක්වා වැඩි කිරීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

දිවයින පුරා වෙසක් දැන්සැල් 8581ක්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.