Tuesday, May 13, 2025

විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචියට අනුමැතිය

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ දී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේ දී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි ත්‍රිරෝද රථ වල තාර බර ඉහළ යෑම සිදුවන බව ද අදාළ කැබිනට් තීරණයේ දක්වා තිබේ.

එම හේතුව මත එකී ත්‍රිරෝද රථ ලියාපදිංචියේ දී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා ත්‍රිරෝද රථයක උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022-08-08 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කර.

(ජනක බලල්ල)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...