පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවලින් 70% ක් මේ වන මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.
මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර වැඩිදුරටත් පවසන්නේ සියලු ඡන්ද පත්‍රිකා මෙම මස 30 වැනි දා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ය.
(ජනක බලල්ල)