සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාව ඉහළ යෑම හේතුවෙන් ඒ සඳහා තවත් අතිරේක දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව නිවේදනය කරයි.
ලබන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා සෑම දිනකම පස්වරු 07.55 ට එක් දුම්රියක් ගමන් ඇරඹන අතර, එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟා වනු ඇත.
මහනුවර සිට කොළඹ කොටුව බලා සෑම දිනකම පස්වරු 08.30 ට දුම්රියක් ගමන් ඇරඹෙන අතර එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟාවීමට නියමිත ය.
(ජනක බලල්ල)