ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන්, සිව් දිනක් පුරා සෞදි අරාබියේ පැවැති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (18) අවසන් විය.
එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව, ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ද වීම විශේෂත්වයකි
රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 05ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමි කරගත් අතර, ජපානය රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 03ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා එහි දෙවන ස්ථානය හිමි ගත්තේය.
රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත් වී තිබීම විශේෂත්වයකි.