අද (19) දිනයේදී සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර පළාතට සහ ගාල්ල, මාතර, පුත්තලම යන දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.
එසේම, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද නිවේදනයේ සඳහන් වෙයි.