ශ්‍රී දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙයි.
වසර 16කට පසු සිදුකෙරෙන මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් පෙරේදා සිට ම දළදා වන්දනාවට සූදානම්ව පෝලිම්වල රැඳී සිටින අවුරු දැකගත හැකි බව අප වාර්තාකරු පැවසීය.
අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවන අතර, හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දළදා වන්දනාවට අවස්ථාව හිමිකර දී තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායකද ඊට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.