සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වැනි දා ට පෙර බෙදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක සඳහන් කළේ ඉන් අනතුරුව යම් අධිකරණයකින් මැතිවරණයට අදාළ නඩු තීන්දුවක් ලැබුණහොත්, අදාළ පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව ය.
මේ වන විට පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ ලබාදීමට නියමිතව ඇත.