අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් ද, රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්ක ද ඒ අතර වන බව ය.
එම ප්‍රදේශවල එළිමහනේ සිදුකරන අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.