එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් එම වැඩි බදු නිදහස්වීම ලබා දීමට අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බව ද සඳහන් වෙයි.
ඊට අමතරව, විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇත.
එසේම ඔක්තෝබර් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයන් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වැනි දා කථානායකවරයාගේ අත්සතින් පසු එය නීතියක් බවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
