Monday, May 12, 2025

සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම රු. ට්‍රිලියන 4.3 පනී

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දරා ඇත.

සේවක අර්ථසාධක අරමුදලෙහි ශුද්ධ වටිනාකම 2023 වසර අවසානයේ වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 12.6%කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

2024 වසර තුළ දී, අරමුදල ආයෝජන කිරීම තුළින් උපයන ලද ආදායම සහ ශුද්ධ දායක මුදල් ලැබීම් මෙම වර්ධනය සඳහා හේතු වී ඇත. ඊට සමගාමීව, මෙම කාලය තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම ද 12.4%කින් වැඩිව තිබේ

මේ අතර, 2024 වසර සඳහා මුළු දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4ක් දක්වා 11.3%කින් ඉහළ ගිය අතර, සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 188.1 දක්වා 12.9% කින් අඩු වී තිබේ.

2023 වසරේ දී රුපියල් බිලියන 5.3ක සෘණ අගයක් ලෙස වාර්තා වූ අරමුදලෙහි ශුද්ධ දායක මුදල් ලැබීමට සාපේක්ෂව එම අගය 2024 වසරේ දී රුපියල් බිලියන 46.3ක ධන අගයක් ලෙස වාර්තා වී ඇත.

2024 වසර තුළ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 513.8ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 481.1 හා සැසඳීමේ දී 6.8%ක කැපී පෙනෙන වර්ධනයකි.

පොලී ආදායම, අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස අඛණ්ඩව පැවති අතර, එය 2023 වසරේ දී උපයන ලද රුපියල් බිලියන 442.4ට සාපේක්ෂව 2024 වසරේ දී රුපියල් බිලියන 455.1 දක්වා 2.9%කින් වර්ධනය වී ඇති බව ද වාර්තා වෙයි.

2023 වසරේ දී රුපියල් බිලියන 3.0ක් වූ ලාභාංශ ආදායම 2024 වසරේ දී රුපියල් බිලියන 5.5ක් දක්වා 82.9%කින් ඉහළ ගොස් තිබේ.

2023 වසරේ දී රුපියල් බිලියන 23.8ක් ලෙස වාර්තා වූ සාධාරණ අගයට (fair value) ඇති ලැයිස්තුගත කොටස් ආයෝජනවල ශුද්ධ ලාභයට සාපේක්ෂව, 2024 වසර සඳහා එම ලාභය රුපියල් බිලියන 49.2ක් ලෙස වාර්තා වී ඇත.

2024 වසර තුළ දී අරමුදලෙහි දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය 0.6%ක මට්ටමක පවත්වා ගෙන ඇත.

එසේ වුව ද, ආයෝජන ආදායම වැඩි වීම හේතුවෙන් 2024 වසරේ දී අරමුදලේ බදු වියදම ද රුපියල් බිලියන 64.1ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මුදල් හා කම්කරු විෂයන් භාර අමාත්‍යවරුන්ගේ එකඟත්වය ලැබීමට යටත්ව, 2024 වසර සඳහා සාමාජික ශේෂයන් මත 11.00%ක පොලී අනුපාතයක් මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේ.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.