වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරමින් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවය.
පසුගිය දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බව ද එහි තවදුරටත් දැක්වෙයි.