පිල්ලෙයාන් යනු කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශප්‍රේමියෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසූ අතර, LTTE සංවිධානයෙන් ඉවත් වී දිවි පරදුවට තබා යුද්ධය අවසන් කිරීමට දායකත්වය සැපයීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැයි පිල්ලෙයාන් කඳුළු සලමින් තමන්ගෙන් විමසූ බව ද ඔහු මෙහි දී පැවැසීය.
තමන් පිල්ලෙයාන් සමඟ විනාඩි 30 ක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුද සාකච්ඡාව සඳහා සවන්දෙමින් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.