පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙඩියාට වසර 15ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස දඬුවම් නියම වී ඇත.
2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.
62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වසර තුනකට අධික කාලයක් පැවැති නඩු විභාගයකින් අනතුරුව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.