අවුරුදු දින 2ක තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ගවල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනය නොකරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවය.