පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.
මේ අතර අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලාංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 132ක් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙයි.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 18 දෙනෙකු ද වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර වාහන 14ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.