අලුත් අවුරුදු සමයේ ගතවූ දින 06 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන් කර ඇති බවත්, එමගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කළේ ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද (16) දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බව ය.
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක් වුවහොත්, 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලයි.
(ජනක බලල්ල)