බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (15) ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය ලබා පිටත්ව යෑමට උත්සාහ දරන අතරතුර සැකකරු කටුනායක ගුවන් තොටුපොළ දී අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ අලුතින් ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය හරහා ඔහු මෙලෙස හඳුනාගෙන තිබේ.
සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයකු බව ද වාර්තා වෙයි.