ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළ අසල දී වෙඩි තැබීමක් සිදු වී ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලස වෙඩි තබා පලායනු ලැබ තිබෙන බව පොලීසිය පවසයි.
අද (15) රාත්‍රී කාලයේ දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇති අතර, වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බව ද පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් අසල තිබූ වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ගම්පහ පොලීසිය පවසයි.