Tuesday, May 13, 2025

ගෘහස්ථ සෝලා පද්ධති off කිරීම ගැන CEB පැහැදිළි කරයි

Must read

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

උත්ත්සව සමයේ දී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් කරයි.

ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරූප ලෙස සමාන විය යුතු බවත් විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවක දී විදුලි නිෂ්පාදනය ද අඩු කළ යුතු බවත් ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩු කළ යුතු බවත් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවැති අතර කිලෝවෝට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනල වල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය නි‍වේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඊට අමතරව විදුලි ඉල්ලුම අඩු අවස්ථාවල දී නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ද අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර නැප්තා භාවිතා කරන කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වන දින පෙරවරුවේ නතර කළ බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.  

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම්දීම් වලට අනුව වහල මත සුර්ය බලශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබාදෙන ලෙස ද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...