භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනගමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූ බව ය.
අභියෝග හමුවේ නොසැලී රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්යය වගකිව යුතු රජයක් ලෙස ඔවුන් සතු බවත්, රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වනවිට ක්‍රියාවට නංවමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එසේම රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
