අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අදත් (13) මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ ද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බවය.
කෙසේ වෙතත් අද දිනයේ බස් රථ යොදවා තිබුණත් සැලකිය යුතු මගී ප්‍රමාණයක් දක්නට නොමැති බව ද වාර්තා වෙයි.